පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් ඇලබඩගම නැගෙනහිර ග්‍රාමසේවා වසමේ ආනන්ද රණවිරු මාවත ඊයේ (19 දා) රාත්‍රී හුදෙකලා කර ඇති බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය කියයි.
පවුල් 20 කට අයත් පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක් මෙහි පදිංචිව සිටින අතර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනී සාමා හේරත් මහත්මියගේ උපදෙස් මත ඔවුන්ගේ පී සී ආර් පරීක්ෂණ හෙට සිදුකරන බවද එම කාර්යාලය පවසයි.
ඉකුත් 15 වන දින මෙම කොට්ඨාශය තුළ නිරෝධායනය වෙමින් සිටි 98 දෙනෙකුගේ පී සී ආර් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව එම පිරිසගෙන් කාන්තාවක් ආසාධිතයෙකු ලෙස තහවුරු වීමත් සමග ඇය පදිංචිව සිටින මෙම මාවත හුදෙකලා කර ඇති අතර එම ප්‍රදේශයෙන් ආසාධිතයන් 04 ක් වර්තාවී තිබේ.
අවුරුදු 31 ක් වන මෙම කාන්තාව දරුවන් දෙදෙනෙකුගේ මවක් වන අතර ඇය පදිංචි ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකටද එක්ව තිබේ.
පන්නල-හේමා රාජපක්ෂ