පානදුර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් දිනෙන් දින කොරෝනා වෛරසය ආසාදිතයන් බවට අනාවරණය වීම හේතුවෙන් එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය .
සේවක සේවිකාවන් දහසකට ආසන්න ප්‍රමාණයක් එම කර්මාන්ත ශාලාවේ සේවය කරන අතර මේ වන විට සීයකට ආසන්න ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගත් බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා කීය .
ආසාදිත තත්ත්වයට පත්වූ පත් වූ එම සේවක සේවිකාවන් එම කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය මඟින් ගිරිඋල්ල ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකර ඇතැයිද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා කීය .
මෙම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන්ට නවාතැන් පහසුකම් දී තිබෙන ස්ථානවලම ඔවුන් පානදුර සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය, පානදුර පොලිසිය සහ පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ එහි සේවක සේවිකාවන් නිරෝධාය ට ලක් කර ඇත .
දින 10ක පමණ කාලයකින් පමණ පසු සේවක සේවිකාවන් සඳහා සෞඛ්‍ය අංශ මගින් සහ ආයතන වට්ටමින් පි සි ආර් පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇතැයිද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය