පොදු ප්‍රවාහන සේවා සම්බන්ධ අවසන් තිරණය හෙට (8) ජනාධිපතිවරයා සමඟ පැවැත්විමෙන් පසුව ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.
හෙට සාමාන්‍ය පරිදි පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය කලින් සැලසුම් කර තිබුණි.
හෙට ජනාධිපති තුමා සමඟ පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් සාකච්ජා කිරිමට පාර්ශව කිහිපයකටම ඇරයුම් කර තිබේ.
ඒ අනුව හෙට දිනයේ පැවැත්වෙන සාකච්ජාවෙන් පසුව ජනාධිපතිතුමා දෙන උපදෙස් අනුව හා සෞඛ්‍ය අංශ වල උපදෙස් පරිදි ඉදිරි පොදු ප්‍රවාහනය සේවාවන් සම්බන්ධයෙන් පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.