පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන පුද්ගලයින්ගේ රාජකාරී හැදුනුම්පත් පරීක්ෂා කිරීම් අද සිට ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.
රට තුළ පවතින තත්ත්වය හමුවේ අත්‍යාවශ්‍ය කරුණක් සඳහා පමණක් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන ලෙසද මෙහිදී ජනතාවගෙන් ඉල්ලීමක් කෙරුණා.
සෞඛ්‍ය අංශ පොදු ප්‍රවාහන සේවාවන් අයුතු ලෙස භාවිතා කරන අයුරු දුටුවොත් ඒවා නැවැත්විමට උපදෙස් දිය හැකි බවත් ඒසේ වුවහොත් රාජකාරි වලට යන පිරිසට දැඩි අපහසුතාවන් වලට මුහුණ දිමට සිදුවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.