රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධූරය සහ අනිකුත් විධායක කමිටුවේ ධූරයන් දැරීම සහ අතුරු කමිටුවක් පත් කිරීමකින් තොරව නිලවරණයක් පැවැත්වීම දින දාහතරකට බලපැවැත්වෙන පරිදි තහනම් කරමින් මොරටුව දිසා විනිසුරු දමින්ද රාමනායක වැලිගොඩ පිටිය මහතා (22) වාරණ නියෝගයක් (ආඥාවක්)නිකුත් කරනු ලැබීය.
දිසා විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබූවේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ටී.ඩබ්ලිව්.එම්.ඒ ජයරුවන් බණ්ඩාර මහතා විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව මොරටු දිසා අධිකරණයට කරනු ලැබී ලැබූ පැමිණිල්ලකට අනුවය
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණයට ඉදිරිපත් කළ තම නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම සහ සංගමයේ ධුරකාලය අවසන්ව ඇති පසුබිමක නිලධාරින් එම ධුර දැරීම නීති වීරෝධි බව පවසමින් ජයරුවන් බණ්ඩාර මහතා මෙම පැමිණිල්ල සිදුකර ඇත.
ඒ අනුව මේ වන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධූරය දරණ අනුරුද්ධ පාදෙනිය මහතාගේ සහ අනිකුත් නිලධාරීන්ගේ ධූරයන් දැරීම තහනමට ලක් වනු ඇත.
මෙම පැමිණිල්ල ජනාධිපති නීතිඥ උපුල් ජයසුරිය මහතා සහ නීතිඥයන් සම්පත් විජේවර්ධන යන මහහත්වරු ඇතුලු නිතිඥ කණ්ඩායමක් අධිකරණට ඉදිරිපත් කරනු ලැබීය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ව්‍යවස්ථාවේ අතිරේක ප්‍රතිපාදන අනුව අතුරු කමිටුව පත් කිරීමකින් තොරව නිලවරණය පැවැත්වීමට සුදානම් වන බව එහිදී නීතිඥවරු කරුණු දැක්වීය.
පසුගිය වර්ෂයේ පත්කරනු ලැබූ නිලයන් එම ධුරයන් හි කටයුතු කිරීම නීති විරෝධී බවත් එම ධුරයන්හී කාලය අවසන්ව ඇති බවත් නිතිඥවරු අධිකරණය හමුවේ කරුණු දැක්විය.
රේඛා තරංගනී ෆොන්සේකා