එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ පුද්ගලයින් 137,221 කට කොවිඩ් මර්දන එන්නත් ලබා දි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
ඒ අනුව සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 103,846 කට ලබා දි ඇති අතර එහි පළමු මාත්‍රාව පුද්ගලයින් 21,685කට ලබාදි තිබේ.
ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 7,712කට සහ දෙවන මාත්‍රාව 237 දෙනෙකුට ලබා දි ඇති බවයි වසංගත රෝග විද්‍යාඅංශය සදහන් කළේ.