පුද්ගලයන් දශ ලක්ෂයකින් කොවිඩ් රෝගීන් වාර්තාවී හා මරණ වාර්තා වීම අතරින් ශ්‍රී ලංකාව හොඳ තත්ත්වයක සිටින බව අමාත්‍ය රමේෂ පතිරණ මහතා පවසයි.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“කොවිඩ් පාලනය සම්බන්ධයෙන් සාර්ථක තත්ත්වයක් ලංකාව ලබාගෙන තිබූ බව සෑම දෙනෙකුම දන්නා කාරණාවක්. සියලු පාර්ශ්ව කැපකිරීම් කළා.
පුද්ගලයන් දශ ලක්ෂයකට රෝගීන් වාර්තා වීම හා මරණ පිළිබඳව සැලකීමේදී ශ්‍රී ලංකාව වඩාත් හොඳ තත්ත්වයක ඉන්නවා.
ඉදිරි කාලය තුළ සෑම කෙනෙකුගේම සහයෝගයෙන් සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කර ගැනීමෙන් අපට වෛරසය පාලනය කර ගැනීමට හැකිවේවි”