පෞද්ගලික ගබඩාවල තිබූ වී තොග වී අලෙවි මණ්ඩලයට ලබාගැනීම ආරම්භ වී තිබෙනවා.
වී අලෙවි මණ්ඩලය සඳහා වී ලබාදීමට එකඟ වූ ගබඩා හිමිකරුවන්ගෙන් වී තොග ලබාගැනීම කදුරුවෙල ප්රදේශයෙන් ආරම්භ කෙරුණා.
එහිදී වී කිලෝ හැටපන්දහසක ප්රමාණයක් ලබාගැනීමට කටයුතු කෙරුණා. වී අලෙවි මණ්ඩලයට අයත් ලොරි රථ මගින් එම තොග රැගෙන යාම ආරම්භ කෙරුණා. රජයේ මිල යටතේ අලෙවි කිරීමට එකඟ වූ සියලුම වී ගබඩා හිමිකරුවන්ගේ වී තොග ඉදිරි දින කිහිපය තුළ ලබා ගැනීමට පොළොන්නරුව දිස්ත්රික් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් කටයුතු කරමින් සිටිනවා.