පුත්තලම ලංගම ඩිපෝවේ සියලුම බස් රථ විෂබිජහරණය කිරිමෙන් අනතුරුව නැවත මගී ධාවනයට යෙදවු බව පුත්තලම ලංගම ඩිපෝ කළමණාකරු එච්.එම් .සී .එච් .අබේසිංහ මහතා පැවසිය.
කොව්ඩ් ආසාදිත කොන්දොස්තරවරයකු හමුවිමත් සමග ඩිපෝවේ බස් රථ 15ක් ගමනාගමන කටයුතු වලින් ඉවත් කර අදාල ආසාදිත කොන්දොස්තරවරයා ඇසුරු කල රියදුරන් හා කොන්දොස්තරවරුන් 44 දෙනෙකු නිවෙස් තුලට යවා ස්වයං නිරෝධායනයට යොමු කිරිම ( 11) දින සිදුව තිබුනී.
පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි චන්රු ප්‍රනාන්දු මහතාගේ හා පුත්තලම ප්‍රධාන මහජන පරික්ෂක එන් .සුරේෂ් මහත්වරුන්ගේ උපදෙස් මත අදලා නිරෝධායන කටයුතු සිදුව තිබුනී.
මෙහිදි ඩිපෝ කළමණාකාරවරයා පවසා සිටියේ අදාල සෞඛ්‍ය නිති රිති වලට අනුකුලව පුත්තලම නගරාධිපති කේ.ඒ .බායිස් මහතාගේ මැදිහත් විමෙන් නගර සභා විෂබිජහරණ කණ්ඩායම යොදා ගනිමින් සියලුම බස් රථ විෂබිජහරණය කිරිමට කටයුතු කල බවයි.
ඒ අනුව අදාල බස්රථ සියල්ලම මේ වන විට නැවත ධාවනයට යෙදවිම සිදුවු බවත් කිසිදු මගියකු මේ තත්වයෙන් බිය නොවි ලංගම බස් රථවල ගමන් කිරිමට එක්වවන ලෙස ඩිපෝ කළමණාකාරවරයා ඉල්ලා සිටිම සිදුවිනි .