පුත්තලම මුලික රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරියකුට අද ( 25 ) උදෑසන රෝහල් භුමියේදි පුද්ගලයකු පහර දිමේන් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලීසිය පවසයි.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ අමිල සම්පත් නැමති රෝහල් ආරක්ෂක නිලධාරියකු බව කියයි.
මෙසේ පහර දී ඇති සැකකරු රෝහලේ 8 වාට්ටු ඒකකයේ ගැබිණි කාන්තාවක් බැලිම සදහා ලබා දි ඇති අවසර පතට පිටින් යාමට සැරසි ඇති බවත් එය පහර කෑමට ලක්වු ආරක්ෂක නිලධාරියා විසින් වලකා ලිමට කෝප වි මෙසේ පහර දී ඇති බව පැවසේ.
අදාළ සැකකරු ආරක්ෂක නිලධාරියා පළමුව අතින් තල්ලු කර ඇති බවත් එහිදි ඔහු බිම වැටි ඇති බවත් ඒ සමඟම නැගිටිමට උත්සාහ කිරීමේදි නැවත දිගින් දිගටම පහර දී දකුණු අතේහි වළලුකර ආසන්නයේ සපා කෑමකට පවා ලක්කර ඇති බව කියයි.
පසුව රෝහල් කාර්ය මණ්ඩලය හා ආරක්ෂක අංශය මැදිහත් වි ආරක්ෂක නිලධාරියා බේරා ගෙන ඇති බව කියයි.
ආරක්ෂක අංශ නිලධාරියාට පහර දුන් සැකකරු පැන යාමට සුදානම් වු අවස්ථාවේ දි රෝහල් ආරක්ෂක අංශ නිලධාරින් අදාළ සැකකරු අල්ලා රෝහල් පොලීසියට භාර දී තිබුනී.
පහර කෑමට ලක්වු ආරක්ෂක අංශ නිලධාරියා ප්රතිකාර සදහා රෝහල් ගත කර ඇති බව කියයි.
පුත්තලම මුලස්ථාන පොලීසිය පවසා සිටියේ පහර දිමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවයි .