පුත්තලම මැලේරියා ඇලේ උරයක බහා සඟවා තිබු ටි 56 ගිනිඅවි දෙක හා පතොරම් ගැබ සම්බන්ධයෙන් දිර්ඝ පරික්ෂණ අරඹා ඇති බව පුත්තලම පොලිස් අධිකාරි ජේ.ඒ .චන්ද්‍රසේන මහතා අද ( 3) දින පැවසිය.
නිවෙස් වල කැලි කසල බැහැර කිරීමට භාවිතා කරන කළු පැහැති පොලිතින් උරයක බහා ආරක්ෂීත ලෙස සඟවා තිබු මෙම ටි 56 ගිනිඅවි දෙක සමඟ පතොරම් ගැබක් ද තිබු බව පුත්තලම මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර ගුණවර්ධන මහතා පවසයි.
පුත්තලම මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර ගුණවර්ධන මහතාට පුද්ගලිකව ලැබුණ තොරතුරක් මත ඊයේ ( 2 ) දින මෙම ගිනිඅවි දෙක සමඟ පතොරම් ගැබ සොයා ගෙන තිබුනී.
පොලීසිය සැකකරන්නේ නිවසේ සඟවා තිබියදි මේ දිනවල නිවාස සෝදිසි කිරීම් හේතුවෙන් එයින් බේරිම සඳහා මෙම ගිනිඅවි මේ ආකාරයට මැලේරියා ඇලට ගෙන දමන්නට ඇති බවයි .
අදාළ ගිනිඅවි ආරක්ෂක අංශ වලට අයත් ද එසේ නොමැති නම් වෙනත් සංවිධානයකට අයත් ද යන්න පිළිබඳව සොයා බැලිමට විමර්ශන අරඹා ඇති බව කියයි.