වසා දමා තිබු පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාල භුමියේ පිහිටි දිස්ත්‍රික් මැතිවරණ හා ඉඩම් රේජීස්ට්‍රාර් කාර්යාල හෙට ( 23 ) දින සිට යලි විවෘත කිරිම සිදුවන බව දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතා අද (22) දින පැවසිය.
කොවිඩ් 19 ආශ්රීතයකු පුත්තලම මැතිවරණ කාර්යායේ නිලධාරියකු ඇසුරු කිරිමත් සමග තාවකාලිකව පසුගිය 13 දින සිට මැතිවරණ හා ඉඩම් රේජීස්ට්‍රාර් කාර්යාල විෂබිජහරණ කිරිමේන් පසුව වසා දැමිමට දිස්ත්‍රික් ලේකම් වරයා කටයුතු කර තිබුනී.
කෙසේ නමුත් අදාල මැතිවරණ කාර්යාල නිලධාරියා ජෛව වටල සාම්පල පරික්ෂණයකට ලක්කර තිබු අතර එහිදි මෙම නිලධාරියා ආසාදිතයකු නොවන බව සනාථ වි තිබුනී.
දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බංඩාර මහතා පවසා සිටියේ අදාල කාර්යාල සෙසු නිලධාරින්ගේ සහ මහජනතාවගේ ආරක්ෂාවට වසා දමා තිබු නමුත් පිසිආර් පරික්ෂණ වලින් කිසිදු ගැටලුවක් නොමැති බවට සනාථ වි තිබිම නිසා එම කාර්යාල විවෘත කිරිමට කටයුතු කරන බවයි.