පුත්තලම ලංගම ඩිපෝවේ කොවිඩ් 19 ආසාදිතයින් ඉහල යාමත් සමග එහි සේවකයින් 118 දෙනෙකුගේ ජෛව පටල සාම්පල ලබා ගැනිම (19 ) දින සිදුවු බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මෙසේ ජෛව පටල සාම්පල ලබා ගැනිම සිදුවුයේ ලංගම ඩිපෝවේ රියදුරන් කොන්දොස්තරවරුන් හා කාර්යාල නිලධාරින්ගේ බව සෞඛ්‍ය නිලධාරින් පවසයි.
මේ වන විට පුත්තලම ඩිපොවේ රියදුරන් දෙදෙනෙකු හා කොන්දොස්තර වරයකු කොවිඩ් ආසාදිතව ඇති බව ජෛව පටල සාම්පල පරික්ෂණ වලදි අනාවරණය වි තිබේ .
ඒ අනුව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ කොවිඩ් මර්දන ඒකකය හා මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් මැදිහත්ව මෙම ජෛව පටල සාම්පල ලබා ගැනිම සිදුව තිබුනී.