පුත්තලම ලංගම ඩිපෝවේ රියදුරන් හා කොන්දොස්තර වරුන් 44 දෙනෙකු වහාම නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට යොමු කල බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි චන්රු ප්‍රනාන්දු මහතා පවසයි.
මෙසේ අදාල කොන්දොස්තර වරුන් හා රියදුරන් ස්වයං නිරෝධායනයට ලක්කර ඇත්තේ පුත්තලම ඩිපෝවට අයත් මන්නාරම කොළඹ බස් රථයේ කොන්දොස්තර වරයකු කොවිඩ් ආසාදිතයකු බවට සෞඛ්‍ය අංශ සනාථ කර ගැනිම හේතුවෙන් බව කියයි.
මෙම කොවිඩ් ආසාදිත කොන්දොස්තරවරයා පසුගිය 9 දින පුත්තලම ලංගම ඩිපෝවේ පැවති වාර්ෂීක සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයට සහභාගි වි ඇති බවත් එදින නිරෝධායනයට ලක්කල රියදුරන් හා කොන්දොස්තරවරුන් සමග ඇසුරු කර ඇති බව කියයි.
පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් .සුරේෂ් මහතා පවසාසිටියේ අදාල පිරිස නිරෝධායන නීති රිති අනුව පුත්තලම ලංගම ඩිපෝවේ බස් රථ යොදා ගනිමින් නිවෙස් වලට යවා නිරෝධායනයට යොමු කල බවයි .