පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති කොවිඞ් 19 අසාදිතයින් ගණන 44 දක්වා ඉහළ ගොස් ඇතිබව දිස්ත්‍රික් නියයෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.
පුත්තලම දිස්ත්‍රික්කය තුළ ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොවිඞ් 19 වසංගතය පිළිබඳව සිදුකළ විමසීමකදී එතුමිය ඒ බව පැවසුවේය.
මේ අතර පුද්ගලයින් 1500 පමණ ප්‍රමාණයක් නිරෝධායනයට ලක් කරඇති අතර ඔවුන් දැනට වාර්තාවී ඇති අසාදිතයින්ගේ පළමුපෙළ ආශ්‍රිතයින් බවද හදුනාගන ඇති බව එතුමිය පවසයි.
තවද මේ වනවිට පුත්තලම දිස්ත්‍රික්කය තුළ නිරෝධායන මධ්‍යස්ථාන 4ක් පවත්වාගෙන යන අතර එම ස්ථානවල පුද්ගලයින් 125ක් පමණ නිරෝධායනය වන අතර සෙසු පුද්ගලයින් සිය නිවෙස්වලම ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව එතුමිය පවසයි.
මෙම අසාදිතයින් අතර බ්‍රැන්ඩික්ස් පොකුරෙන් 12ක් පෑලියගොඩ මාලූවෙළඳ පොළ පොකුරෙන් 18ක්,මන්නාරමේ ආශ්‍රිතයින්ගෙන් 07ක්, කටුනායක ආශ්‍රිතයින් 06ක්, කුලියාපිටිය මංඟල උත්සවයකට සහභාගී වු එක් පුද්ගලයෙක් වශයෙන් හදුනාගන ඇත.
එතුමිය වැඩිදුරටත් පවසා සිටියේ පුද්ගලයින් මෙම වසංගතයේ තරම හා භයානකකම හදුනාගෙන කටයුතු කළොත් මෙම තත්වයෙන් මිදිය හැකි බවයි.
ආරච්චිකට්ටුව ලලිත් නවරත්න