පෘතුගාලයේ ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා නව කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති බවත්, නමුත් ජනාධිපතිවරයා රෝග ලක්ෂණ නොපෙන්වන බවත් එරට ජනාධිපති කාර්යාලය පවසයි.
"ජනරජයේ ජනාධිපතිවරයා පෙරේදා සෘණාත්මක ලෙස පරීක්ෂා කර තිබුණා. කෙසේ වෙතත් ඊයේ ප්‍රතිදේහජනක පරීක්ෂණය සෘණාත්මක වුවත්, රාත්‍රී 9:40 ට සිදුකළ PCR පරීක්ෂණය ධනාත්මක බව දැන් දැනගෙන තිබෙනවා." එරට ජනාධිපති මන්දිරය පවසයි.
ඒ අනුව කථානායකවරයාට, අග්‍රාමාත්‍යවරයාට සහ සෞඛ්‍ය ඇමතිවරයාට රෙබෙලෝ ද සූසාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දැනුම් දී ඇති අතර, පෘතුගාලයේ ජනාධිපතිවරණය ජනවාරි 24 වැනිදා පැවැත්වීමට නියමිතව තිබියදී මෙසේ සූසා කොවිඩ්-19 සඳහා ධනාත්මක වී තිබේ.
පෘතුගාලයේ අග්‍රාමාත්‍ය ඇන්ටෝනියෝ කොස්ටා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් ජනාධිපතිවරයා හා දුරකථනයෙන් කතා කළ බවත්, ඔහුට ඉක්මන් හා පූර්ණ සුවය ප්‍රාර්ථනා කරන බවත්ය.
ආසාදිත වුවද සූසා බෙලෙම්හි ජනාධිපති මන්දිරයේ හුදකලාව සිටිමින් දිගටම සේවය කරනු ඇති බවද ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.