පෘතුගාල ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ ද සූසා කොවිඩ්-19 සඳහා සිදුකළ දෙවැනි PCR පරීක්ෂණය සෘණාත්මක ප්රතිඵලයක් ගෙනදී ඇති බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.
ජනාධිපතිවරයා වෛරසයට ධනාත්මක බවට එම කාර්යාලය නිවේදනය කර දිනකට පසුව යළිත් දෙවැනි පරීක්ෂණයේදී ජනාධිපතිවරයා සෘණෘත්මක බව මෙසේ නිවේදනය කර ඇත.
"ජනරජයේ ජනාධිපතිවරයා මේ වනවිට හුදෙකලා වී සිටින අතර, පරීක්ෂණ ප්රතිඵලය ස්ථිර වනතුරු බලාපොරොත්තුවෙන් සිටිනවා." එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.