කොවිඩ් වසංගතයට විසඳුමක් සෙවිය යුත්තේ විද්‍යාත්මක ක්‍රම වලින් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසා සිටියි. පැණි බීමෙන් හෝ මුට්ටි ගංගාවල දැමීමෙන් ඊට විසඳුමක් ලද නොහැකි බව මාතර දී පැවති උත්සවයක් අමතමින් අමාත්‍ය වරයා සඳහන් කර සිටියේය.
නිරෝධායන ඇඳිරිනීතිය අවසන් වන ලබන 30 වැනිදා වන විට මෙරට එන්නත්කරණය සාර්ථකව සම්පූර්ණ කරගැනීමට ජනතා සහය අවශ්‍ය බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.