අලුත් අවුරුද්දේ පුණය කාලය අද (14දා) පූර්ව භාග 7.45 සිට අපරභාග 8.33 දක්වා පුණ්‍ය කාලය වන බැවින් අප්‍රේල් මස 14 වැනි ඉරිදා පූර්වභාග 7.45 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීමත්,
පුණ්‍ය කාලයේ අපර කොටස තුළ, එනම් අප්‍රේල් මස 14 වැනි ඉරිදා අපරභාග 02.09 සිට අපරභාග 8.33 දක්වා ආහාර පිසීම, වැඩඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටුකිරීමත් සුබපල ගෙනෙන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සිංහල අලුත් අවුරුදු නැකැත් කමිටුව කියයි.