කොවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත්ව ඇති කළාකරුවන් සඳහා සහන ලබාදීමේ වැඩපිළිවෙළක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ක්‍රියාත්මක කර තිබේ.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ නීති ප්‍රතිපාදන අනුව කළාකරුවන් ක්ෂේත්රය තුළ රඳවා ගැනීමත්, දිරිගැන්වීමත් අරමුණුකර ගනිමින් රුපියල් මිලියන 10ක මුදලක් පීඩාවට පත් කළාකරුවන්ට සහන සැලසීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ලබාදී තිබේ.
මේ වන විටත් පීඩාවට පත් කළාකරුවන්ට සහන ලබාදීම සඳහා ඉදිරිපත්ව ඇති ස්වාධීන රූපවාහිනය මගින් ක්‍රියාත්මක කරන මනුෂ්‍යත්වයේ සත්කාරය වැඩසටහන සඳහා ඊයේ (30) මෙම මුදල් පිරනමා තිබේ.