රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සහ අනතුරින් පසු රියදුරු මාරු කර පළායාමේ චෝදනා මත හිටපු කැබිනට් අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොළඹ අපරාධ කොට්ඨාසය විසින්ය.
ඉහත චෝදනාව සම්බන්ධයෙන් හිටපු ඇමතිවරයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කළ බවයි නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ ජේෂ්ඨ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ.