රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කොවිඩ්-19 මර්දන එන්නත අද (23දා) ලබා ගැනීමට සැලසුම්කර ඇති බව ඊයේ (22දා) කියා සිටියේය.
කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා දෙකක් රට තුළ මිලියන 4.3ක ජනතාවකට ලැබී ඇති බව පුටින් රුසියානු එන්නත් සංවර්ධකයින් සමග වීඩියෝ සම්මන්ත්‍රණයකට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසීය.
මේ අතර චීනයේ සීනොවැක් බයෝටෙක් විසින් නිපදවන ලද කොවිඩ්-19 මර්දන එන්නතෙහි පළමු මාත්‍රාව බ්‍රසීලයේ හිටපු ජනාධිපති දිල්මා රූසෙෆ් ඊයේ (22දා) ලබාගෙන තිබේ.
රටේ එන්නත් කිරීමේ ව්‍යාපාරය ජනවාරි 17දා ආරම්භ වූ අතර, මිලියන 11.7කට වැඩි පිරිසකට ඔවුන්ගේ පළමු එන්නත මාත්‍රාව ලැබී ඇති අතර මිලියන 4.1කට පූර්ණ එන්නත ලබා දී ඇත.