රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ගේ කවයේ සිටි විශාල පිරිසකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව ජනාධිපතිවරයා තහවුරු කරයි.
මේ වනවිටත් රුසියානු නායකයා ස්වයං හුදකලාවකට ලක්ව සිටින අතර, ඔහුට සිදුකළ PCR පරීක්ෂණයේදී පූටින්ට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු කර ඇත.
කෙසේ වෙතත් තම කවයේ සිටි සැලකිය යුතු පිරිසක් ආසාදිතයන් ලෙස හමුවීම නිසා තමන් දින කිහිපයක් ස්වයං හුදකලාව සිටින බව පූටින් වැඩිදුරටත් පවසා තිබේ.