රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ අයුතු අවහිර කිරීමේ චෝදනාව යටතේ මඩකළපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ට මඩකළපුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නොතීසි නිකුත් කර ඇත.
ලබන 30 වනදාට පෙර අදාළ හිමිනම පොලිසීයට හෝ අධිකරණයට ප්‍රකාශයක් ලබාදිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේය.