මහනුවර පොලිස් කොට්ඨාසය පූජාපිටිය පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකයේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට පි.සි.ආර්. පරීක්ෂණවලින් තහවුරු වී තිබේ .
මෝදර පොලිසියේ සේවය කොට ඇති එම උපපොලිස් පරීක්ෂකවරයා සේවා ස්ථාන මාරුවක් ලබා මීට දින කීපයකට උඩදී පූජාපිටිය පොලිසියට අනුයුක්තව සේවය කොට පසුගිය 04 වැනි දින සිට ඔහු සිය නිවසේ නිරෝධායන වෙමින් සිට ඇති බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා කීය .
කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරියා තෙල්දෙණිය කොවිඩ් ප්‍රතිකාර රෝහල වෙත ඊයේ (08) රාත්‍රී 10.00 පමණ යොමු කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මහනුවර සංගමය පවසයි .
උපපොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳ හා පුතා කටුගස්තොට පොලිස් වසමේ හල්ලොලුව පල්ලේමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවසේම නිරෝධනයට ලක් කොට සිටී .
ෂේන් සෙනෙවිරත්න