පුජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බමුණුපොල ග්‍රාම නිළධාරි වසමේ කොස්කොටේ ජනපදයෙන් අද (03 දා) කොවිඩ් 19 වෛරස ආසාදිතයන් 20 දෙනෙකු වාර්තා වීමත් සමඟ එම ජනපදයට දැඩි සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ සහ පොලීසිය එක්ව පියවර ගෙන තිබේ.
පසුගිය පළමුවනදා සිදු කරනු ලැබූ පීසීආර් පරීක්ෂණ අනුව අද දිනයේ ලැබුණු ප්‍රතිඵලවලට අනුව පුද්ගලයින් විසි දෙනෙකු ආසාදිත බවට හඳුනා ගනු ලැබ තිබේ. මෙම ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය පිට ප්‍රදේශවලට පැතිරීම වැළැක්වීම සඳහා අද 03 වනදා සිට එම කොස්කොටේ ජනපදයට දැඩි සංචරණ සීමා පැනවීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මොහොමඩ් ආශික්