අත්අඩංගුවට ගෙන සිටින අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම්වරයා පිළිබඳව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
එතෙක් පූජිත් ජයසුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයේ පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබන බවත් හේමසිරි ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබාගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.