පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කළ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සහ අනිවාර්යය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප්රධාන මහෙස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගය ප්රතිශෝධනය කරමින් එම මහත්වරුන්ට අභියාචනාධිකරණයට ප්රතිශෝධනය ඇයැදුම් පත්රයක් අද (31) ඉදිරිපත් කළහ.
මහාධිකරණ විනිසුරුවරයාගේ තීන්දුව දෝෂ සහිත බව පෙන්වා දෙන පෙත්සම්කරුවෝ එම තීන්දුව ප්රතිශෝධනය කොට කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගයට අනුව තමන් ඇප මත මුදාහරින්නැයි ඉල්ලා සිටිති.
හේමසිරි ප්රනාන්දු සහ පුජිත් ජයසුන්දර යන මහත්වරුන් විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කොට ඇති මෙම ප්රතිශෝධනය ඇයැදුම් පත්රයේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා නම් කොට ඇත.
පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරය වළක්වා ගැනීමට හෝ එම ප්රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක්රියා නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කරනු ලැබ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සහ අනිවාර්යය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය 2019.07.09 වැනිදා ලබාදුන් නියෝගයට එරෙහිව නීතීපතිවරයා ඉදිරිපත් කොට ඇති ප්රතිශෝධන ඇයැදුම්පත සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ ප්රධාන විනිසුරුවරයා නිකුත් කළ තීන්දුව අනුව මහේස්ත්රාත් අධිකරණයෙන් තමන්ට නියම කළ ඇප අවලංගු කොට තමන් රිමාන්ඩ් භාරයට පත් කොට ඇතැයි පෙන්වා දී ඇත.
මහාධිකරණයෙන් නිකුත් කළ එම ප්රතිශෝධන නියෝගය පදනම් විරහිත බවත්, අයුක්ති සහගත බවත් පවසන පෙත්සම්කරුවෝ මහාධිකරණ නියෝගය ප්රතිශෝධනය කොට තමන්ට ඇප නියම කිරීමට නියම කරන්නැයි ඉල්ලා සිටිති.