සීදුව ප්‍රදේශයේ දේවස්ථානයක පූජකවරයෙකුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබේ.
සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. සුරේෂ් කුමාර මහතා සඳහන් කළේ අද (11) දිනයේ ලැබුණු වාර්තා අනුව මේ වන විට කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවකයින් 17 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වන බවය.
මේ අතර වේයන්ගොඩ, එළුවාපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිවරුන් සිවු නමකටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.