පාකිස්තානයේ නිරිතදිග බලුකිස්තාන් පළාතේ අගනුවර වන ක්වේටා හි හෝටලයක රථ ගාලේ නවතා තිබූ පුපුරණ ද්‍රව්‍ය සහිත වාහනයක් පුපුරා යාමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෂෙයික් රෂීඩ් අහමඩ් පවසයි.
සැක සහිත ඇමතුම් කිහිපයක් ලැබීමෙන් පසු ක්වේටා සහ අනෙකුත් ප්‍රධාන නගරවල තර්ජනයන් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් පවතින බවත්, බලුකිස්තානයේ නගර ඇතුළු ස්ථාන රැසක ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව රෂීඩ් පැවසීය.
ආරක්ෂක විධිවිධාන තිබියදීත් පුපුරණ ද්‍රව්‍ය රැගෙන මෙම වාහනයට හෝටලයේ ප්‍රධාන ගේට්ටුවෙන් රථ ගාල වෙත ඇතුළු වීමට හැකිවීම විශාල අවධානයට ලක්විය යුතු කරුණක් වන අතර, ත්රස්තවාදීන්ට ප්‍රහාරය සඳහා අවස්ථාවක් ලබාදෙමින් ආරක්ෂාවේ හිදැස් ඇතිකළ වගකිව යුතු පුද්ගලයන් සම්බන්ධයෙන්ද නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා කීවේය.