පාකිස්තානය ගෙවීගිය පැය 24ක කාලයේදී නව කොරෝනා වෛරස ආසාදිතයන් 1,315 ක් වාර්තා කර ඇති අතර, එය මෙතෙක් දිනක් තුළ එරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයන් පිරිසයි.
ඒ අනුව පාකිස්තානයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 21,501ක් වන අතර, මුළු මරණ සංඛ්‍යාව 486ක් බව දත්ත වාර්තා පවසයි.
ඊයේ (04දා) ජාතිය අමතමින් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළේ ආර්ථිකයට සහ දෛනික වැටුප් උපයන්නන්ට උපකාර කිරීම සඳහා දැනට පවතින ජාතික අගුලු දැමීමේ සීමාවන් ලිහිල් කිරීමට තමන් අදහස් කරන බවයි. කෙසේ වෙතත් පාකිස්තානයේ අගුලු දැමීම මැයි 9දා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.