පාකිස්තානයේ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 1,000 සීමාව පසු කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ වනවිට අවම වශයෙන් ආසාදිතයන් 48,091ක් සහ මරණ 1,017ක් පාකිස්ථානයෙන් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
පාකිස්තානය සිය පළමු වැනි කෝවිඩ් -19 මරණය මාර්තු 18 වැනි දින වාර්තා කළ අතර, රටපුරා අගුලු දැමීමක් ක්‍රියාත්මක කළේ ඒ අනුවය.
අදියර කිහිපයකින් සීමාවන් ඉවත් කිරීමත් සමග මෙම මස මුලදී එය ලිහිල් කරන ලදී. ඒ අනුව ඇතැම් වෙළෙඳ සැල් සහ නිෂ්පාදකයන් දැනටමත් ව්‍යාපාර නැවත ආරම්භ කර ඇතත්, ජූලි 15දා දක්වා සියලුම පාසල් වසා දමා ඇත.
"අපි මෙය කරන්නේ අපේ රටේ ජනතාව ආර්ථික වශයෙන් මුහුණ දී සිටින දුක්ගැහැට නිසයි" සීමා ලිහිල් කිරීම ගැන අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසා සිටියේය.