රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී, නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පෙබරවාරි 28 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබේ.
ජාතික පොලිස් කොමිසම විසින් උසස්වීමට අදාළ නිර්දේශ අද (07දා) දින ලබාදී ඇත.
නාලන්දා විද්‍යාලයේ ආදිශිෂ්‍ය‘යෙක් වන නිලන්ත ජයවර්ධන මහතා,ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක් වන අතර,ගැටුම් නිරාකරණය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙක්ද වේ.
46 හැවිරිදි වියේ පසුවන ඒ මහතා ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වූ ළාබාලතම නිලධාරියාද වේ.