නෙළුව සතිපොළේ වෙළදුන් හා වෙළෙන්දියන් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණවලදි තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
නෙළුව සතිපොළේ වෙළදුන් හා වෙළෙන්දියන් 92 නෙකු ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණවලට ලක්කළ බවද ඒ මහතා පවසයි. පිරිමි 07 දෙනෙකුට හා කාන්තාවන් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද ඒ මහතා පවසයි.
මෙ අතර නෙළුව කොරෝනා පොකුර 38 දක්වා ඉහලගොස් ඇති බවද හෙතෙම පවසයි. මිට අමතරව නෙළුව රෝහලේ කාර්යමණ්ඩල 27 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණවලට ලක්කොට ඇති අතර ඉන් කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බවද ඒ මහතා පවසයි. නෙළුව රෝහලේ ප්‍රධාන හෙදි නිලධාරිණියට කොරෝනා වෛරසය ආසාදනය විමත් සමග රෝහල් කාර්යමණ්ඩලයේ 27 දෙනෙකු පි.සි ආර් පරික්ෂණවලට ලක්කරණු ලැබිය.
එමෙන්ම කොරෝනා ආසාදිතයින්ගේ පළමුපෙළ ආශ්‍රිතයින් 52 නෙකු ද පි.සි ආර් පරික්ෂනවලය ලක්කොට ඇත ඒ අනුව පි.සි ආර් පරික්ෂණ හා ක්ෂණික ප්‍රතිදේශ පරික්ෂණ 171 ඉකුත් 16 වැනිදින සිදුකොට ඇති අතර එවායේ ප්‍රථිපල ඊයේ (18) රාත්‍රි ලැබුණු බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.