ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අද (16) සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 13 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
පසුගිය දිනවල නෙළුව ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් හමුවීමෙන් පසු ඔවුන්ගේ ආශ්‍රිතයන් පිරිසකට සිදුකළ පරීක්ෂණ වලදී මෙම පිරිස සොයාගෙන තිබේ.
මේ වනවිට නෙළුව හා තවලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්හි කොරෝනා අවදානම ඉහළට ගොස් ඇති බැවින් සංචරණය හැකිතාක් සීමා කරන ලෙසත් සෞඛ්‍ය උපදෙස් උපරිමයෙන් පිළිපදින ලෙසත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ජනතාවගෙන් ඉල්ලා සිටිති.
සිරංගිකා ලොකුකරවිට