මාතලේ නොත්මාතලේ ප්රදේශයේ නිවසක් ඉදිකිරිමට බැකෝ යන්ත්රයක් ආධාරයෙන් ගෙපලක් කපමින් සිටියදී එහිවු පොල් ගසක මුලක් උගුල්ලා ඇති අතර එය රෝල්වී ඒ අවට සෙල්ලම් කරමින් සිටි වයස අවුරුදු දෙකක පමණ කුඩා පිරිමි දරුවෙකු එම මුලවැදි එම ස්ථානයේදීම මියගොස් ඇතැයි මහවෙල පොලීසිය පවසයි.
මෙම සිදුවිම ඊයේ (31) වන දින සිදුව ඇති අතර මිය ගිය කුඩා දරුවාගේ නිවසට අල්ලපු ඉඩමේ නිවසක් ඉදිකිරිමට භූමිය සකස් කිරිමට යොදාගත් බැකෝ යන්ත්රයෙන් පොල් ගසක මුලක් ඉවත් කර තිබේ.
එම මුල ගැලවී රෝල්වී ගොස් මීටර් 10ක් පමණ දුරින් අල්ලපු ගෙදර මිදුලේ සෙල්ලම් කරමින් සිටි එම කුඩා දරුවාගේ ඇග මතට වැදී එම ස්ථානයේදීම මිය ගොස් තිබේ.
එම සිදුවිමට අදාළ බැකෝ යන්ත්ර රියදුරු මහවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර පරික්ෂණ කටයුතු මහවෙල පොලීසිය විසින් සිදු කරනු ලබයි.