නව ව්‍යවස්ථාවට ඉදිරිපත් කොට ඇති ඇතම් කරුණු සම්බන්ධයෙන් තම පක්ෂයද එකඟ නොවන බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටියේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වව්නියාව නගර සභා සංස්කෘතික ශාලාවේ පැවති උත්සව අවස්ථාවකට සහභාගීවීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමිනි.
“නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සමස්ත ලංකා මහජන කොන්ග්රසය වශයෙන් අපේ පක්ෂයේ ඉල්ලීම් මොනවද කියලා අපි දීලා තියෙනවා. ඒ වගේම අනෙකුත් පක්ෂත් ඒ විදිහට ඉල්ලීම් දීල තියෙනවා නමුත් නව ව්‍යවස්ථාවට ඇතුළත් වී ඇති සියලුම කරුණු වලට අපි එකඟ නැහැ.
නමුත් නව ව්‍යවස්ථාව සම්මත වූ ආකාරයට තමයි සමහර අය කටයුතු කරන්නේ ඒක සම්පූරණම වැරදියි. නව ව්‍යවස්ථාව සම්මත කරගන්නනම් මන්ත්‍රීවරුන් 150 කගේ කැමත්ත තයෙන්න ඕන. එක්සත් ජාතික පෙරමුණේ ඉන්න එක පක්ෂයක් විදිහට අපිත් නව ව්‍යවස්ථාවේ ඇතම් කරුණුවලට එකඟ නැත්තම් කොහොමද මන්ත්‍රීවරුන් 150කගේ සහයෝගය ගන්න පුලුවන් වෙන්නේ. ඒ නිසා මමනම් හිතන්නේ මේ වසර තුළ ඒ දේ වෙන්නේ නැති වෙයි.”