ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක අංශවල දැනට සේවයේ නියුතු පිරිස් අතරින් තම නිවෙස් වලට තවමත් විදුලිබලය ලබානොගත් පිරිස් සඳහා ප්‍රමුඛතාවයක් ලබාදෙමින්, නව විදුලි සබදතා ලබාදීමේ කාර්යය සිදුකරන ලෙස, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අදාළ අංශ වෙල උපදෙස් දී තිබේ.
ලබන අගෝස්තු මස සිට නව විදුලි සබදතා ඉල්ලුම් කිරීමේදී, අදාළ ඉල්ලුම්පත සමග සේවයේ අනන්‍යතාවය තහවුරුකර, තම නව විදුලි සබඳතාව පොරොත්තු ලේඛණයෙන් බැහැරව, කිසිදු පමාවකින් තොරව ක්ෂණිකව ලබාගැනීමට ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක අංශවල දැනට සේවයේ නියුක්තව සිටින පිරිස් වෙත අවස්ථාව සැලසේ.
ඒ අනුව විදුලිය ඉල්ලුම් කිරීමේදී සේවක නම, ලිපිනය, සේවා ස්ථානය, සේවා අංකය ඇතුලත්ව තමා අදාළ සේවා ස්ථානභාර නිලධාරියාගේ සහතිකයක් සමග ඉදිරිපත් කිරීමෙන් මෙම අවස්ථාව ලබාගත හැක.
ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක අංශ වෙත රටේ ප්‍රණාමය පුදකිරීම වෙනුවෙන් මෙසේ "රණවිරු අරුණළු" විදුලි සත්කාරය ක්‍රියාත්මක කර තිබේ.