පිටකොටුව වේල්ලවීදිය ප්‍රදේශයේ ප්ලාස්ටික් හා ඇලුමිනියම් භාණ්ඩ අලෙවි කරන ගොඩනැගිල්ලක හටගත් ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා.
ගින්න පැතිර යාම පාලනය කිරීම සදහා කොළඹ මහනගර සභාවේ ගුවන් හමුදාවේ, නාවික හමුදාවේ හා වරාය අධිකාරියේ ගිනි නිවන ඒකකවල රථ 15කට අධික සංඛ්‍යාවක් යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ.
ගබඩා සංකීර්ණයේ ඉහළ මහල් දෙකක් ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
ගින්න හට ගැනීමට තුඩු දුන් හේතු මෙතෙක් වාර්තා වී නොමැති අතර වේල්ල වීදිය පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනවා.