ඉදිරි පළාත් සභා මැතිවරණය පවත්වන ආකාරය සම්බන්ධව කරුණු විමසිමට අද (06දා) මැතිවරණ කොමිෂන් සභාවට යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හමුවීමට යොදාගෙන ඇති එම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සහභාගිවන බවද පීරිස් මහතා සඳහන් කළේය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ නව ව්‍යවස්ථාව හරහා සියලුම මැතිවරණ කල්දැමීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙන බවයි.
මෙම තත්ත්වය තුළ යෝජිත ව්‍යවස්ථාව සකස් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන්නැයි කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පවසා සිටියේය.