ආසාදන හා මරණ වාර්තාගත ඉහළ මට්ටමකට පැමිණීමත් සමග රටේ කොවිඩ්-19 අර්බුදය මහා ව්‍යසනයක් බවට පත්වී ඇති පසුබිමක ඉන්දියාවේ නවදිල්ලියේ දැනට පවතින ලොක්ඩවුන් තත්ත්වය තවත් සති දෙකක් දක්වා දීර්ඝ කර තිබේ.
ඒ අනුව ඉන්දීය අගනුවර පසුගිය සතියේ පනවා තිබූ මෙම ලොක්ඩවුන් සීමාවන් මැයි 3දා දක්වා පවතිනු ඇත.
වසංගතයේ බැරෑරුම්කම නොසලකා, බල තණ්හාවෙන් තම න්‍යාය පත්රයන් දිගහැර කටයුතු කළ ඉන්දීය පාලකයන් මෙන්ම, මෙහි අවාසනාවන්ත ගොදුරක් බවට පත්වෙමින් වගකීමෙන් තොර හැසිරීමක් පෙන්වූ ඉන්දීය ජනතාව අද සෑම දිනකම අවදි වන්නේ මරබිය දෝතින්ම තුරුළු කරගෙනය.
විශේෂයෙන්ම පසුගියදා ඉන්දියාවේ ප්‍රාන්ත 11ක මහ ඇමතිවරු සමග අගමැති මෝදි පැවත්වූ සාකච්ඡාවකදී නවදිල්ලි අගමැතිවරයා වෙනමම කොවිඩ්-19 මාධ්‍ය හමුවක් පවත්වමින් තත්ත්වය පිළිබඳව විනිවිදව කටයුතු කිරීම ගැන මෝදි චෝදනා කළේ එය තම රජයේ ප්‍රොටකෝලයට විරුද්ධව යෑමක් බව පවසමිනි.
මේ වනවිට ඉන්දියාවේ උද්ගතව ඇති වසංගතය හමුවේ අගමැති මෝදිට මෙන්ම, ඉන්දීය රජයටද දැඩි විවේචනයක් මහජනතාවගෙන් එල්ල වෙමින් තිබේ. එසේම ඉන්දීය අගමැතිට හා රජයට එරෙහිව ට්විටර් ජාලයේ හුවමාරු වන ට්විට් මකා දමන ලෙසට එම සමාගම වෙත ඉන්දීය රජයෙන් ඉල්ලීමක් ලැබී ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.