ශ්රී ලංකාවේ ඕස්ටේ්රලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා හමුවිය.
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත තමාගේ සහ ඕස්ටේ්රලියානු රජයේ සුබ පැතුම් පළ කළ මහකොමසාරිස්වරයා නව දැක්මකින් ඉදිරියට යන ශ්රී ලංකාවට ඕස්ටේලියානු රජයෙන් දිය හැකි ඉහළම සහයෝගය ලබාදිමට මැදිහත් වන බව පැවසීය.
ශ්රී ලංකාව හා ඕස්ටේ්රලියාව තර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියට කටයුතු කිරීම පිළිබඳව මෙහිදි සාකච්ජා කෙරිණි.