තාක්ෂණය මුල් වූ සමාජියක් බිහි කිරිමේ ප්‍රතිපත්ති අනුව නව තාක්ෂණ උද්‍යාන පහක් බිහි කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. ඒ වෙනුවෙන් දැනටමත් ගාල්ල, මහනුවර, නුවරඑළිය හා කුරුණෑගල දිස්ත්‍රික්ක හඳුනාගෙන තිබේ.
මේ හරහා තාක්ෂණය කේන්ද්‍ර කරගත් ආයෝජන, ව්‍යාපාර, ව්‍යවසායකත්වය හා ඊට අනුබද්ධ සේවා කර්මාන්ත වෙත ප්‍ර වේශවීම දිරිමත් කෙරේ. මේ හරහා තරුණ තරුණියන්ට ඉහළ ආදායම් උත්පාදනය කරන නව රැකියා අවස්ථා නිර්මාණ්ය වෙනු ඇති බවත් මෙම තාක්ෂණ උයන් සමාජ ආර්ථික හා භූගෝලීය ලක්ෂණ සැලකිල්ලට ගනිමින් ඒ ඒ පරිසරයන්ට අනුගත ව්‍යාපාර දිරිගන්වමින් රටේ අවශ්‍යතා සපුරා ලීම සඳහා ක්‍රියාත්මක වීමට නියමිතය.
තාක්ෂණික උද්‍යානයක් යනු පෞද්ගලික අංශයේ තාක්ෂණ පාදක ව්‍යාපාරවලට අනුබලදෙන හා අවශ්‍ය බහුවිද පහසුකම් එකම ස්ථානයකදී සපයන්නකි.