ස්වීඩන් සෞඛ්‍ය බලධාරීන් විසින් ස්ටොක්හෝම් නගරයට නුදුරින් පිහිටි සර්ම්ලන්ඩ් ප්‍රදේශයේ නව කොරොන වෛරස ප්‍රභේදය පිළිබඳ සිද්ධියක් හඳුනාගෙන ඇති බව සෙනසුරාදා එරට මහජන සෞඛ්‍ය ඒජන්සිය නිකුත් කළ ප්රවෘත්ති නිවේදනයක දැක්වේ.
නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වූ මෙම නව ප්‍රභේදය සඳහා පරීක්ෂා කර ඇති පුද්ගලයා එක්සත් රාජධානියේ සිට නත්තල් සමයේදී ස්වීඩනයට ගොස් ඇති අතර, එහිදී නව ප්‍රභේදය ඔහුගේ ශරීරයේ පැවතී ඇති බව හඳුනාගෙන තිබේ.
මෙම අවස්ථාවෙහිදී පුද්ගලයාට රෝහල් ප්‍රතිකාර අවශ්‍ය නොවන නමුත්, ඔහු නිරෝධායනයට ලක්කර තිබේ. කෙසේ වෙතත් වෙනත් කිසිවෙකුට ආසාදනය නොවන ලෙස අවශ්‍ය සියලු මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිටින බවද එම නිවේදනයේ දැක්වෙයි.
එසේම ස්වීඩනය එක්සත් රාජධානියේ සිට පැමිණෙන මගීන් සඳහා වන සංචාරක තහනම 2021 ජනවාරි 21 දක්වා දීර්ඝ කර තිබේ. මෙම සීමාවන් පළමුවෙන්ම විදේශ කටයුතු අමාත්‍ය ඈන් ලින්ඩේ විසින් පසුගිය සතියේ ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශයට පත් කරන ලදී.