එක්සත් රාජධානියේ පැතිර ගොස් ඇති කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදය කලින් පැවති ප්රභේදයන්ට වඩා වේගයෙන් බෝවන නිසා, එය ළමයින් වෙතටද සම්ප්‍රේෂණය වීමේ ඉඩක් පවතින බව එරට නව සහ නැගී එන ශ්වසන වෛරස් තර්ජන උපදේශන කණ්ඩායමේ (NERVTAG) විද්‍යාඥයන් පවසයි.
NERVTAG විද්‍යාඥයන්ට අනුව, ගිනිකොනදිග එංගලන්තයේ ආරම්භ වූ බව විශ්වාස කෙරෙන නව ප්‍රභේදය අනෙකුත් ප්රභේදයන්ට වඩා 71% ක් පමණ සම්ප්‍රේෂණය කළ හැකි බව පෙන්ව ාදෙයි.
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ නැගී එන බෝවන රෝග පිළිබඳ මහාචාර්ය සහ NERVTAG හි සභාපති පීටර් හෝර්බි පැවසුවේ, "මේ වෛරස ප්‍රභේදය දැනට එක්සත් රාජධානියේ පවතින අනෙකුත් වෛරස ප්රභේදයන්ට වඩා සම්ප්‍රේෂණ වේගය වැඩි බව අපට දැන් ඉහළ විශ්වාසයක් තිබෙනවා." යනුවෙනි.
ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි මහාචාර්ය නීල් ෆර්ගියුසන් සඳහන් කළේ මෙම ප්‍රභේදය කලින් ඇති වූ වෛරසයේ විකෘති වීම් සමග සසඳන විට ළමයින්ට ආසාදනය වීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බවට ඉඟි කරන බවය. කෙසේ වෙතත් ඒ පිළිබඳව කිසිදු ආකාරයක සාධකයක් තහවුරු කර නොමැති නමුත් දත්තවලින් එය දැකිය හැකි බව ඔහු පැවසීය.