COVID-19 සඳහා හේතු වන SARS – cov2 වෛරයසය මිනිසා විසින් සාදන ලද්දක් බවට බ්‍රිතාන්‍ය රජය කිසිදු සාක්ෂියක් සොයාගෙන නොමැති බව එරට සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පවසයි.
හැන්කොක් මේ බව ප්‍රකාශ කළේ බදාදා ස්කයි නිව්ස් සමඟ ප්‍රශ්නෝත්තර වැඩසටහනකට සහභාගී වෙමිනි.
චීනයේ වුහාන් හි වෛරසය හා පර්යේෂණාගාර අතර කිසියම් සම්බන්ධයක් තිබේදැයි මෙහිදී යොමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු දුන් පීටර් පැවැසුවේ මේ පිළිබඳව සොයා බැලූ නමුත් එම වෛරසය මිනිසා විසින් සාදන ලද බවට කිසිම සාක්ෂ්‍යක් නොමැති බවයි.
මේ අතර මැයි 1 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) යළිත් කියා සිටියේ COVID-19 සඳහා හේතුවන වයිරසය මිනිස් නිර්මාණයක් නොවන බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්යක්ෂ මයිකල් රයන් ජිනීවා නුවර සිට අථත්‍ය මාධ්‍ය හමුවකට පැවසුවේ වෛරසයේ ජානමය අනුපිළිවෙල පරීක්ෂා කරන විද්‍යාඥයින් “මෙම වෛරසය ස්වාභාවික සම්භවයක් ඇති බවට නැවත නැවතත් සහතික කර ඇති” බවයි.
පසුගිය මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ දැනට පවතින සියලු සාක්ෂි මගින් නව කිරීටක වෛරසයට සත්ව සම්භවයක් ඇති බවත් එය විද්‍යාගාරයක හෝ වෙනත් තැනක “හැසිරවූ හෝ නිර්මාණය කරන ලද” වෛරසයක් නොවන බවත්ය.