නව කොරෝනා වෛරස වසංගතය ගෝලීය වශයෙන් ළමා විවාහ ඉහළ නැඟීමට හේතු වී ඇති අතර, මේ සම්බන්ධයෙන් වසර 25ක් පුරා ලබා තිබූ ප්‍රගතිය ඒ සමග ආපසු හැරී ඇති බවට අනතුරු ඇඟවෙයි.
සේව් ද චිල්ඩ්රන් පෙන්වා දෙන්නේ කොවිඩ්-19 බලපෑම් හේතුවෙත් වර්ෂ 2025 වනවිට තවත් ගැහැණු ළමයින් මිලියන 2.5ක් පමණ ළමා විවාහයන් කරා යොමුවීමේ අවදානමට ලක්කර ඇති බවයි.
කොවිඩ්-19 වසංගතය දුප්පත්කම වැඩි කරන අතර ගැහැනු ළමයින්ට පාසලෙන් බැහැරව රැකියාවට හෝ විවාහයට යොමුවීමට එය බල කරයි.
දකුණු ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමෙරිකාවේ සමහර ප්‍රදේශවල ගැහැනු ළමයින් වඩාත් අවදානමට ලක් ඇති බව සේව් ද චිල්ඩ්රන් පෙන්වා දෙයි.
එක්සත් රාජධානිය පදනම් කරගත් පුණ්‍යායතනයක් වන සේව් ද චිල්ඩ්රන්, ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ළමා විවාහ සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ අසමානතාවට පිළියම් යෙදීමට වැඩි අරමුදල් හා සහාය ලබා දෙන ලෙසය.
පසුගිය වසර 25 තුළ ළමා විවාහ මිලියන 78.6ක් වළක්වා ඇති නමුත්, ඒවා වැළැක්වීම සඳහා වූ ආකල්පමය වෙනස හෝ මෙතෙක් ලැබූ ප්‍රගතිය නතර වී ඇති බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.