අනාගත අභියෝගයන්ට මුහුණ දීමට අන්තර්ජාලගත පාඨමාලා හා දුරස්ථ අධ්‍යාපන ආකෘති ක්‍රියාත්මක කිරීම ගැන සිතා බැලිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල රාජපක්ෂ මහතා පැවැසීය.
කොරෝනා වසංගතය පවතින කාලය තුළ නිවසේ සිට අධ්‍යයන කටයුතු කිරීමට අමතරව පශ්චාත් කොරෝනා තත්ත්වය තුළ අධ්‍යාපන කේෂ්ත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මේ පිළිබඳව අවධානය යොමුකළ යුතු බවද ඔහු පෙන්වා දෙයි.
මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමට අදහස් මේ බව සඳහන් කළේය.