නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හදිසි නිරීක්ෂණයට ලක් වෙයි.
සේවා ලාභියෙකු කළ පැමිණිල්ලකට අනුව ජනාධිපතිතුමා අද (23) පස්වරුවේ කාර්යාලය වෙත ගියේය.
රාජකාරි අවශ්යලතාවක් සඳහා අවස්ථා ගණනාවක දී පැමිණිය ද එය ඉටු කිරීමට නිලධාරීන් අපොහොසත්ව ඇති අතර කාර්ය මණ්ඩලය ප්රාමාණවත් නොවන බව පවසමින් සේවා ඉටු නොකරන බව පැමිණිලිකාරිය සඳහන් කරයි.
කාර්යාලය අධීක්ෂණය කළ ජනාධිපතිතුමාට ප්‍ර මාණවත් සේවක පිරිසක් එහි සිටින බව නිරීක්ෂණය විය.
සේවා ලබා ගැනීමට පැමිණි අබාධිත පුද්ගලයෙකු දැඩි අපහසුතාවට පත්වී සිටි අයුරු දුටු ජනාධිපතිතුමා ඔහුගේ අවශ්යබතාව සහ තොරතුරු විමසීය.
මහජන අවශ්යුතා කාර්යක්ෂමව හා නොපිරිහෙලා ඉටු කිරීම රාජ්‍යය සේවකයන්ගේ මූලික වගකීම බව කාර්ය මණ්ඩලය හමු වූ ජනාධිපතිතුමා අවධාරණය කළේය.