නිවාස ණය සඳහා පොලිය 7% දක්වා අඩු කරන ලෙස ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා මහ බැංකුවට නියෝග කර ඇති බවත්, ඊට අදාළ චක්‍රලේඛය මහ බැංකුව විසින් සියලුම බැංකු වෙත යවා, ජනතාවට කඩිනමින් එම සහනය ලබා දෙන බවත්, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ “ඔබට ගෙයක් - රටට හෙටක්” ජාතික නිවාස වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ, මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නව නිවාස 6 ක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද (09) දින සහභාගී වෙමිනි.